විකිණූ මෝටර් රථ මිලියනයක් ප්‍රමුඛ සමාගමක් නැවත කැඳවයි

විකිණූ මෝටර් රථ මිලියනයක් ප්‍රමුඛ සමාගමක් නැවත කැඳවයි

June 6, 2022   05:24 pm

ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මර්සිඩීස් බෙන්ස් සමාගම "ලොව පුරා විකුණා ඇති" මෝටර් රථ මිලියනයක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි.

එම මෝටර් රථවල තිරිංග පද්ධතියේ හඳුනාගත් දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
 
සති අන්තයේදී එම සමාගම නිවේදනය කළේ එම මෝටර් රථවල හිමිකරුවන්ට කතාකිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවය.

තිරිංග පද්ධතියේ "මළ බැඳීමක්" සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එම තීරණය ගත් බව මර්සිඩීස් බෙන්ස් සමාගම පැවසීය.  

එබැවින් මෝටර් රථ 993,407ක් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර ඇති අතර ඉන් 70,000ක් ජර්මනියේ තිබෙන බව හඳුනාගෙන තිබුණි.

පසුගිය වසරේදීද මර්සිඩීස් බෙන්ස් සමාගම එවැනිම වාහන ප්‍රමාණයක් නැවත කැඳවීය. ඒ වෙනත් තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.

එසේ නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ 2004 සහ 2015 අතර කාලයේදී නිෂ්පාදනය කළ ML සහ GL කාණ්ඩයට අයත් SUV රථ සහ R කාණ්ඩයට අයත් සුඛෝපභෝගී මිනි වෑන් රථ යි.