ළමා මන්දපෝෂණය ගැන අලුත් අනාවරණයක්
June 4, 2022 12:52 pm
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් අතර සිදුකළ නියැඳි පරීක්ෂණයකදී ඉන් 20%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබේ.
එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඒ බව පැවසීය.
ඊට ප්‍රධාන හේතුව ළමුන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක ලැබීමේ අඩුවක් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,
"රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 53 දෙනෙකුව අපි පරීක්ෂා කළා. ඉන් සියයට විස්සකට මන්දපෝෂණ තත්ත්වය නිරීක්ෂණය වුණා. ඉන් හරි අඩකගේ තත්ත්වය බරපතලයි."
"අපිට මේක කරන්න හිතුනේ. පසුගිය කාලයේ අපි නිරීක්ෂණය කරපු යම් යම් කරුණු නිසා."
"මෙතනදී අපේ දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛනිජ, විටමින් ලැබීමේ අඩුව."
"චීස් බටර් වගේ දේවල්වලට වැඩිය දියර කිරි, බිත්තර, බත්, කොළ මැල්ලුමක් අහාරයට එක් කරන්න.කහපාට එළවළු ලබා දෙන්න."
"ගැබිනි මව්වරුන් ද තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ."