මුහුදේ දියනෑමට ගිය සහෝදරයින් තිදෙනා අතුරුදන්
May 10, 2022 04:50 pm
මුහුදේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වී තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මුලතිව් සෙන්මලෙයි මුහුදු ප්‍රදේශයේදී ඔවුන් ඊයේ (09) එලෙස දියනෑමට ගොස් එම අනතුරට මුහුණදී ඇති බවය.
සිද්ධියෙන් අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 29,26 සහ 22 යන වයස්වල පසුවූ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකි.
ඔවුන් මුලතිව් අලම්බිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
උතුරු මුහුදු ප්‍රදේශයේ මේ වනවිට තරමක රළු ස්වභාවයක් පවතින බවද වාර්තා වෙයි.
