සතියක් තුළ ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

සතියක් තුළ ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

March 24, 2022   09:58 am

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ යළිත් සීඝ්‍ර ලෙස වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කළේ, ගත වු සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඒ අනුව මේ වසරේ  ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 12,034 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොළඹ, ගම්පහ සහ කළුතර  දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර යාපනය දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 47ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.