දෙරණ පවුලෙන් සමුගත් ආදරණීය සහෘදයා

දෙරණ පවුලෙන් සමුගත් ආදරණීය සහෘදයා

March 22, 2022   12:30 pm

"අද දෙරණ" ප්‍රවෘත්ති අංශයේ කැමරා අංශ ප්‍රධානී පුබුදු දීපානන්ද මහතා අද අලුයම හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලොවින් සමුගත්තේය.

දෙරණ පවුලේ ආරම්භක සාමාජිකයෙකු වන පුබුදු දීපානන්ද මහතා 2006 වසරේ සිට "අද දෙරණ" ප්‍රවෘත්ති අංශයේ කැමරා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය.

ඔහු කැමරාකරණ ක්ෂේත්‍රයට පිවිසියේ වෙළෙඳ දැන්වීම් සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයකට සම්බන්ධ වෙමිනි.

ඔහු "ටීවී දෙරණ" සමඟ එක්වූයේ ඉන් පසුවය.

ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් වාර්තාකරණයේ සුවිශාල අත්දැකීම් සමුදායක් සහිත පුබුදු දීපානන්ද මහතා යුද ප්‍රවත් වාර්තාකරණය වෙනුවෙන් ඇගයීමටද පාත්‍ර වූ අයෙකි. 

ඊයේ (21) රාත්‍රීයේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අතරතුර මෙලොවින් සමුගෙන තිබුණි.

පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුබුදු දීපානන්ද මහතා එක් දරු පියෙකි.

ඒ මහතා මිය යන විට 44 වැනි වියේ පසුවුණි.

ආදරණීය සහෘදයාණනි, ඔබට නිවන්සුව ...