දුම්රිය ගාස්තු ගැන තීරණය සඳුදා

දුම්රිය ගාස්තු ගැන තීරණය සඳුදා

March 19, 2022   12:19 pm

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් එළඹෙන සඳුදා (21) පැවැත්වීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි නොකරන ලෙස සිය සංගමය විසින් බලධාරින්ව ලිඛිතව දැනුම්වත් කර ඇති බවය.

දුම්රිය ගාස්තු වැඩි නොකර දෙපාර්තමෙන්තුවේ ආදායම වැඩිකරගත හැකි ක්‍රමවේදයක් තම සංගමය පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කරයි.

දුම්රිය නිසි ආකාරයෙන් ධාවනය කිරීම තුළින් දෙපාර්තමේන්තුව ලබන පාඩුව අවම කරගත හැකි බව සුමේධ සෝමරත්ත මහතා වැඩිදුරටත් පැවසීය.