
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
ඒ අනුව තරගාවලියේ ජය හිමිකරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ඇරයුම් කළේය.
දිමුත් සහ කුසල් ජනිත් දෙදෙනාම ලකුණු 09 ක් තුළ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් තුන් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 239 ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවේ දෙදෙනාම ශතක වාර්තා කරමින්.
කුසල් මෙන්ඩිස් 119 ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළේය.
තිසර පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු .8 ක් දැවී ලකුණු 345 ක් රැස් කරගත්තේය.
ලකුණු 346ක ජයග්රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගුවේය.
නමුත් පන්දුවාර 39යි එක් පන්දුවකදී කොදෙව් ඉනිම සියලු දෙනා දැවි ලකුණු .184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.
ෂායි හෝප් ලකුණු 51ක් රැස් කළේය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කඩුළු 3 බැගින් දවාගත්තේය.
















































