දෝලාවෙන් අවසන් ගමන් ගිය මවක්

දෝලාවෙන් අවසන් ගමන් ගිය මවක්

October 21, 2018   03:56 pm

කතාව දෝලාවෙන් ගමන පයින් ගිය බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. 

ඒ යමක් කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් කතාවෙන් පමණක් පුරාජෙරු කීමට සහ තමට තිබේන දෙයට වඩා ඉහළ දෙයක් ඇති බවට මවා පාන පිරිස සමච්චලයට ලක් කිරීමටය.

පැරණි රජ දරුවන් මෙන්ම රාජ බිසෝ වරුන් ගමන් ගියේ දෝලාවෙනි.

බොහෝ වංශවත් පවුල් වල පිරිස දෝලා වලින් ගමන් බිමන් ගියේය. 

රජ පරම්පරාවල අය දෝලා වලින් යන විට දෝලාව රැගෙන යෑම, ඒ සඳහාම වෙන් වු වෙනමම ජන කොටස්  ඊට සිටියේය.

දෝලාවෙන් ගියේ ඔවුන්ගේ වංශවත් බව පෙන්වීමටය.

 එය රජ පරම්පරා වලට ගෞරවයක් විය. 
 
නමුත් කාන්තාවක් අවසන් ගමන් දෝලාවෙන් ගිය අහඹු සිදුවීමක් ඊයේ (20) අහුන්ගල්ලේදී දැක ගන්නට ලැබිණි.

 එය සිය මියගිය මවට දරුවන් විසින් ගෞරවය දැක්වීම සඳහා කළ බව කියයි.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇම්. ඩබ්ලිව්. සෙනරත් මහතාගේ මෑණියන් වන එස්. ඩබ්ලිව්. ජීලට් මහත්මියගේ දේහය මෙසේ පතිරාජගම උදා ගම්මානයේ පිහිටි සිය නිවෙසේ සිට ගල්වෙහෙර, වලේකෝවිල පොදු සුසාන භූමිය දක්වා මෙසේ රැගෙන එනු ලැබුවේ දෝලාවෙනි.

දරුවන් දසදෙනෙකුගේ මවක් වන එස්.ඩබ්ලිව්.ජීලට්.මහත්මියට දරු මුණුබුරුවන් එකසිය විසි දෙනෙකු පමණ සිටින බව අවමංගල්‍ය සභාවේදී ප්‍රකාශ කර ඇත.

අහුන්ගල්ල පතිරාජගම උදා ගම්මානයේ සිට ගල්වෙහෙර, වලේ කෝවිල පොදු සුසාන භූමිය දක්වා කිලෝ මීටර් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් මෙසේ දේහය දෝලාවේ තබාගෙන කරමතින් රැගෙන ගොස් ඇත.

(ඡායාරූප-ජයකාන්ත ලියනගේ)