මනුසත් දෙරණ 37 වන වෛද්‍ය සායනය පදවි ශ්‍රී පුරදී

මනුසත් දෙරණ 37 වන වෛද්‍ය සායනය පදවි ශ්‍රී පුරදී

October 20, 2018   10:07 pm

සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිකරගනිමින් ක්‍රියාත්මක වන මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතයේ  37 වන අදියර අද(20) පදවිය ශ්‍රීපුර ජයන්ති මහා විද්‍යාලයේදී පැවැත්වුණි. 

පදවිය ශ්‍රීපුර ජයන්ති මහා විද්‍යාලයේ ක්‍රියාත්මක වූ මනුසත් දෙරණ 37වෙනි ක්‍රියාන්විතය යටතේ  වකුගඩු රෝගය හදුනාගැනීම සඳහා වන වෛද්‍ය සායනය අද උදෑසන 9ට ආරම්භ කෙරුණි.

ප්‍රදේශවාසීන් බොහෝදෙනකු වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි අතර මෙහිදී වකුගඩු රෝගය පිළිබඳව අවධානමක් ඇතිදැයි පරීක්ෂා කිරීමද සිදු කර තිබේ.

මෙවර වෛද්‍ය සායනයේ පරීක්ෂණ කටයුතු සඳහා නැගෙනහිර සෞඛ්‍ය කාර්යාංශය, නව වන ගජබා රෙජිමේන්තුව සහ අක්ෂිදාන සංගමය අද දිනයේ මනුසත් දෙරණ සමඟ අත්වැල් බැඳගත්තේය.

මීට අමතරව පදවිය ගම්මානය වෙනුවෙන් නොමිළේ ජල පිරිපහසු යන්ත්‍රයක්ද පරිත්‍යාග කරනු ලැබුවේය.