ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්

January 19, 2025   07:33 pm

ප්‍රදේශ කිහිපයක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුත් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (19) පස්වරු 4 සිට හෙට (20) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, රත්තොට, විල්ගමුව, උකුවෙල යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 

එමෙන්ම, 

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර සහ හාලි ඇල යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත් 
 
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, පන්විල සහ මැදදුම්බර ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත්

මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, නාඋල, පල්ලේපොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස  සඳහා 1 වන මට්ටමේ අනතුරු ඇඟවීමේ  නිවේදනයන් නිකුත් තිබේ.