ළමා අපයෝජනයක් සැඟවන්න ගිය කතෝලික පූජකයාට විරෝධයක්
සයුරෙන් එතෙර

ළමා අපයෝජනයක් සැඟවන්න ගිය කතෝලික පූජකයාට විරෝධයක්

October 5, 2018   04:02 pm

ළමා අපයෝජන සිදුවීමක් සැඟවීමට උත්සාහ කළ කතෝලික පූජකවරයෙක්ට එරෙහිව විරෝධතාවක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීම අදාළ පූජකවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

ළමා අපයෝජන සිදුවීමක් යටපත් කිරීමට සහය ලබාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ බිෂොප්වරයෙක්ට එරෙහිව පැවැති විරෝධතාවක් සම්බන්ධයෙන් චිලී රාජ්‍යයෙන් වාර්තා විය.

චිලී රෝමානු කතෝලික සභාවේ කීර්තිමත් නාමයක් දිනාසිටි අදාළ බිෂොප්වරයාගෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එරට බලධාරීන්ද කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ කරුණු නොදක්වා නිහඬව සිටීමට අදාළ පූජකවරයා කටයුතු කිරීමත් සමඟ ඔහුට එරෙහි විරෝධතා දැල්වුණු බවද වාර්තා වෙයි.

බිෂොප්වරයාගේ සමීපතම හිතවතෙක්ට එරෙහිව ළමුන් පස්දෙනෙක් ට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාදිනල් රිකාඩෝ එසාර්ටිගෙන්ද ප්‍රශ්න කිරීමට බලධාරීන් කටයුතු කළ අතර එහිදී නිහඩව සිටිමින් සිය හිතවාදියා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චිලී කතෝලික පල්ලියට චෝදනා ගොනු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙරද චිලී රාජයේ පූජකවරුන්, කතෝලික නායකයන් සහ පූජකවරුන් නොවන කතෝලික සභා නිලධාරීන් කිහිපදෙනෙක් මෙවන් චෝදනාවලට ලක් ව ඇති බව ද සඳහන් වෙයි.