සිඳීගිය සේනානායක සමුද්‍රය
September 16, 2018 01:08 pm
ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල පෝෂක ප්‍රදේශයට වසර තුනක සිට නියමිත අයුරින් වැසි නොලැබිම නිසා සේනානායක සමුද්‍රයේ ජල මටිටම අඩි 34.7 දක්වා පහල බැස ඇති අතර මේ වෙන විට මුලු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 31.770 කි.
මෙම සමුද්‍රයේ මුලු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 770000 ක් වන අතර මේ වෙන විට අක්කර අඩි 738230 ක් ජලය අඩුවි තිබේ.
මේ හේතුව නිසා ඉදිරි මහ කන්නයේ වි වගාකිරිමේ ගැටළුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
පසුගිය යල කන්නයේද වතුර නොමැති නිසා අක්කර 100000 පමන වි වගා කිරීමේ කටයුතු නැවත්විමට සිදුවිය.1976 වසරේද මෙම ජලාශයේ ජල මට්ටම අඩි 33 දක්වා අඩුවි තිබෙන බව ප්‍රදේශයේ ගොවි ජනතාව කියති.
ඉදිරි කාලයේදිත් වැසි නොලැබුන හොත් කුඹුරැ වගා කිරීමේ ගැටළුවක් මතුවෙන නිසා රටට වැඩිපුරම බත සපයන දිගා මඩුල්ල වි ගොවියන් රැක ගැනීම සඳහා රජය කඩිනම් වැඩ පිලිවෙලක් සකස් කල යුතු බව දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානයක මහතා පැවසීය.
පසුගිය කන්නයේද එකවර වතුර ලබා නොදිම හේතුවෙන් කුඹුරැ අක්කර 14000 ක කුඹුරැ ප්‍රමාණයක් කීඩෑ උවදුරින් විනාශ වු බවද පැවසිය. මේ තත්වය මත දිගාමඩුල්ල ගොවියා අන්ත අසරණ තත්වයට පත්ව ඇති අතර රජය තවදුරටත් කල් නොමරා වහාම ගොවින්ට සහනදීම ඇරඹිය යුතු බවද සදහන් කළේය.
මෙයට අමතරව එක්ගල්ඔය,අම්බලන්ඔය,පන්නල්ගම,නාමල්ඔය, ජයන්ති යන වැවි වලද ජල මට්ටම පහල බැස තිබේ.එම වැවි යටතේ වගා කරන කුඹුරැ ප්‍රමාණයද නියමිත අයුරින් වගාකිරිමට නොහැකි වන බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.