ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

September 6, 2018   04:18 pm

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජල පරිභෝජනය ද ඉතා විශාල ලෙස වැඩි වී ඇති බව එම මණ්ඩලය පවසයි.

ජනතාවට අවශ්‍ය  ජලය ජල සම්පාදන මණ්ඩලය විසින් බෙදා හැරීමේ නළ පද්ධතිය වෙත මුදාහැරියද කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත උස් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමට බාධා පැමිණ ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් සාමාන්‍ය පරිභෝජනයට හා අත්‍යාවශ්‍ය කටයුතුවලට අමතරව වාහන සේදීම්, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තුව ආදී කටයුතු සඳහා පිරිපහදු කළ නළ ජලය භාවිත කිරීම හැකිතාක් සීමා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.