මාදම්පේ අනතුරකින් කතෝලික පියතුමෙක් මරුට

මාදම්පේ අනතුරකින් කතෝලික පියතුමෙක් මරුට

July 13, 2018   09:16 am

 

මාදම්පේ  ඉහළගම ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉවතට පැන තාප්පයක ගැටීමෙන්  සිදුවූ අනතුරකින් කතෝලික පියතුමෙකු මියගොස් ඇත.

ඊයේ (12) රාත්‍රී 11.00 ට පමණ  සිදුවූ මේ අනතුරින් මියගොස්  ඇත්තේ මාදම්පේ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහයක පියතුමා ලෙස සේවය කල වර්ණකුලසුරිය නිලන් ප්‍රසංග ප්‍රනාන්දු (35 ) නමැති පියතුමෙකි .

මීගමුව කුඩාපාඩුව ගම්මානයේ  උපත ලබා ඇති මේ පියතුමා මාදම්පේ කතෝලික දේවස්ථානයේ සේවයට පැමිණ වසරක කාලයක් වෙයි.

මෙතුමා මේ අනතුරට මුහුණ පා ඇත්තේ ළමුන් පිරිසක් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දී ආපසු දේවස්ථානය බලා යමින් සිටියදී බවට මේ වන විට අනාවරණය වී ඇත .

මේ අනතුරින් පියතුමාට භාහිර වශයෙන් බරපතළ තුවාල සිදුවී නොතිබීම හේතුවෙන්  මරණයට  ප්‍රධාන වූ හේතුව පිළිබද පොලීසියට සැකයක් තිබෙන අතර ඒ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නියමිත බව මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පැවසිය .

මේ පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි .

මාදම්පේ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.