පුංචි සිඟිත්තෙක් ළිඳට වැටී අවසන් ගමන් යයි
February 2, 2025 08:27 am
මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබේ.
ඊයේ (01) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මල්ගස්තලාව, මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 මාස 02 ක් වූ කුඩා දරුවෙකි.
මියගිය දරුවා මව සමඟ නිවසේ සිටියදී මවට නින්ද ගිය අවස්ථාවකදී මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදගම පොලීසිය සිද්ධිය සම්බව්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.