නැගෙනහිරට සහ ඌවට ගිඟුරුම් සහිත වැසි
June 30, 2018 06:11 am
ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස්කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්රික්කවලවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන
අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවලවලත් තැනින් තැන සවස 02.00 න්
පමන පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිවේදනයේ සඳහන් විය.