ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් ඉදිරියේදී අරඹනවා
June 15, 2018 09:13 pm
ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි.
අතිවිශාල මුදලක් වැය කරමින් සියලු ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාමීය දුක්විඳින ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකරදීම එහි අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද අද සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ අද (15) පස්වරුවේ පැවති පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යහපත් රටක් මෙන්ම දරුවන්ට හොඳ රටක් ගොඩනැගීම පිළිබඳ පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත ජනතාවට පොදු වගකීමක් පැවරී තිබෙන බවයි.
රට සහ ජනතාව වෙනුවෙන් ඒ සඳහා කඩිනමින් පෙළගැසීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පුණ්‍ය මහෝත්සවයට සඳහා එක්විය.
විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කාරක සංඝ සභික උතුරු මැද පළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රපති කවුඩාගම්මාන විමලරතන හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය උඩුගම ශ‍්‍රී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිරිපාල ගම්ලත් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.