ප්‍රතිකා රාවල් අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකරයි

ප්‍රතිකා රාවල් අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකරයි

April 29, 2025   05:40 pm

කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකළ ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රතිකා රාවල් සමත්ව තිබේ.

ඒ අද (29) පැවති දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඇය ලබා ගත් ලකුණු 78ත් සමගය.

ඒ අනුව ප්‍රතිකා රාවල් ඉනිම අටකට ක්‍රීඩා කරමින් ලකුණු 500 සීමාව පසුකර තිබේ.

මීට පෙර එම වාර්තාවට එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා චාර්ලට් එඩ්වර්ඩ් හිමිකම් කියනු ලැබුවාය.