ග්‍රාම නිලධාරී වසම් 125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය

ග්‍රාම නිලධාරී වසම් 125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය

June 4, 2018   09:22 pm

 

රුපියල් මිලියන 8625ක වියදමින් ග්‍රාම නිලධාරී වසම් 125ක ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදීම පිණිස ඉදිකිරීමට යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තැබීම පසුගිය දා සිදු විය.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ජාතික ජල සම්පාදන මණ්ඩල භූමියේදී මෙම මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණි.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, වයඹ පළාත් සභා මන්ත්‍රී එස්.එච්.එම් නියාස්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.වී.එම් හපුආරච්චි, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චන්ද්‍රානන්ද, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම් නෆිල් යන මහත්වරු එක්වූහ.