නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය මැයි දිනය සමරයි
May 1, 2018 08:07 pm
නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය මෙවර මැයි දිනය නිමිත්තෙන් අද(01) දහවල් වවුනියාව නගරයේදී මැයි දින රැළියක් පවත්වන ලදී.
වවුනියාව දෙමළ මහා විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී එම පක්ෂයේ මැයි පෙළපාළිය වවුනියාව නගර සභාව දක්වා ගමන් කළේ සටන් පාඨ කියමිනි.
අනතුරුව වවුනියාව නගර ශාලාවේදී එම පක්ෂයේ මැයි රැළිය පැවැත්වුණු අතර එහිදී කතිකයින් රැසක් කතා කළහ.
නව ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂ යේ වවුනියාවේ පැවති මැයි පෙළපාළියට හා රැළියට වවුනියාව එක්සත් ත්‍රී රෝද රථ සංගමය,මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරු සංගමය,වවුනියා නගර සභා කම්කරු සංගමය,කරණවෑමියන්ගේ සංගමය ඇතුළු සංගම් කීපයකම පූර්ණ සහයෝගය ලැබී තිබුණි.