ශ්‍රී ලංකා පොලීසියට වාහන ගැනීමට ඉන්දියාවෙන් රු මි 300ක්

ශ්‍රී ලංකා පොලීසියට වාහන ගැනීමට ඉන්දියාවෙන් රු මි 300ක්

December 19, 2024   01:24 pm

ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය ලබාදීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. 

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව පැවසීය.

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව, එකී ප්‍රදානය ලබාගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.