දෙරණ වෙසක් කලාපය විහාරමහාදේවි එළිමහන් පරිශ්‍රයේදී අද දිනයේදීත්

දෙරණ වෙසක් කලාපය විහාරමහාදේවි එළිමහන් පරිශ්‍රයේදී අද දිනයේදීත්

April 30, 2018   06:23 pm


දෙරණ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන දෙරණාභිවන්දනා ශ්‍රී කළ්‍යාණි වෙසක් කලාපය කැළණිය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

මීට අමතරව දෙරණ මාධ්‍ය ජාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කරන වෙසක් කලාපය කොළඹ මහ නගර සභාවේ සහ විහාරමහදේවි එළිමහන් පරිශ්‍රයේදී අද(30) දිනයේදීත් පැවැත්විමට නියමිතයි.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්ම අද දිනයේදී ද ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ඒ අනුව කොම්පඤ්ඤවීදීය, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන මාර්ගවල රාත්‍රී 7.00න් පසු වරින් වර වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන රථ වාහන ගාල් කිරීම සඳහා ස්ථාන හඳුන්වා දී ඇති අතර ඒ සඳහා උපදෙස් ලබාදීමට පොලීස් නිළධාරින් රාජකාරියේ යොදවා තිබේ.