නවගත්තේගම වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් විනාශ වෙනවා
April 30, 2018 03:52 pm
නවගත්තේගම වට්ටක්කා වගා කළ වගාකරුවන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමේන් රුපියල් ලක්ෂ 100 කට අධික වටිනාකමින් යුත් වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශයේ ගොවීන් පවසයි.
නවගත්තේගම කොන්කඩවල හා ගාමිනිපුර ගම්මානවල වගාකරුවන් වී වගා කිරීමට ජලය ප්‍රමාණවත් නොවීම නිසා වට්ටක්කා වගා කළද අද වන විට වට්ටක්කා කිලෝවක් රුපියල් 7 හෝ රුපියල් 8 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වි ඇති බව ඔවුන් සඳහන් කළේය.
ඒ හේතුවෙන් වගා කරුවන් 60 කට ආසන්න පිරිසකගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් වගා බිම්වල සහ නිවෙස් තුළත් කැළැ තුළත් විනාශ වෙමින් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් තම වගාව මිලට ගැනීමට මේ වන විටත් ඉදිරිපත් නොවු බවත් ඒ නිසා ලක්ෂ ගනනින් ණය වි වගා කළ වට්ටක්කා තොග පිටින් කුණු වෙමින් තිබෙන බව වගාකරුවන් චෝදනා කරති.