මාවුස්සාකැලේ ජලාශය අවට පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

මාවුස්සාකැලේ ජලාශය අවට පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

March 18, 2018   01:34 pm



ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රදේශවාසින් හා අවට වතුකම්කරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිමේ කටයුත්තක් අද (18) ජලාශයේදි සිදුකළහ.

මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පරිසර වැඩසටහනට මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධීවරයින් මාවුස්සාකැලේ ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් නාවික හමුදාව, සහ මස්කෙළිය පොලිසියේ නිලධාරින් එක්ව මෙම පරිසර වැඩ සටහන දියත් කර තිබිණි.

එම ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔය හරහා ජලාශයට තේ වතු හරහා ගලා බසින ඇළ මාර්ග ඔස්සේ ප‍්‍රදේශවාසින් හා වතුකම්කරුවන් විසින් ජලාශයට අපද්‍රව්‍ය මුදාහැරිම නිසා ජලාශය විශාල වශයෙන් පරිසර හානියක් සිදුවි ඇති අතර් ජලාශය ගොඩවිමේ අවධානමකටද ලක්වි තිබුණි.

මෙම පරිසර ගැටළුව නිසා එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයන්ට මෙන්ම එම ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධිවරයන්ටද ගැටළු රැසක් මතුවී තිබුණි.

ජලාශයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝණ අපද්‍රව්‍ය අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් නල්ලතත්නිය රිකාටන් ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කැළි කසල ප‍්‍රතිචක්කි‍්‍රකරණ මධ්‍යස්ථානය වෙත යැවිමටද කටයුතු කර තිබුණි.