වන්දනා නඩයක බීමතින් සිටි තරුණයින් දෙකක් පොලීසියට කොටු

වන්දනා නඩයක බීමතින් සිටි තරුණයින් දෙකක් පොලීසියට කොටු

February 16, 2018   05:45 pm

මිරිහාන ප‍්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණී වන්දනා නඩයක් සමඟ සිටි තරුණයන් දෙදෙනෙකු සැකපිට අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලීසිය ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍රම මහතා පැවසුවේය.

මෙම තරුණයන් දෙදෙනා අධික ලෙස බිමත්ව ගිනිගත්හේන නගරයේ අශෝභන ලෙස හැරුසුනේ යැයි කියන සිද්ධියක් සම්බන්යෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා ගිනිගත්හේන නගරයේදි ගිනිගත්හේන ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක සිසුවියකට බිමත්ව උසුලූ විසුලූ කරන අවස්ථාවේ පාසල් සිසුන් පිරිසක් මෙම තරුණයන් දෙදෙනාට පහරදි තිබේ.

එම සිසුවියට උසුලූ විසුලූ කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගෙන් පැමිණීල්ලක් නොලිබුණු නිසා බිමත්ව අශෝභන ලෙස හැසිරිමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (17) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි සෙසු වන්දනාකරුවන්ව ආපසු ශ්‍රී පාද වන්දනා කිරිමට ගිය බවත් පොලිස් ස්ථානාධීපතිවරයා වැඩි දුරටත් පැවසීය.