මාස 11 ක් කලින් රාජගිරිය ගුවන් පාලමේ වැඩ නිමවෙයි
December 21, 2017 11:53 am
ජාතික ආණ්ඩුවේ සංකල්පයක් අනුව ඉදිකෙරිමින් පවතින රාජගිරිය ගුවන් පාලමේ වැඩකටයුතු මාස 11 කට පෙර අවසන් කිරීමට හැකි වු බව අගමැතිවරයා පවසයි.
අද(21) උදෑසන ගුවන් පාලමේ වැඩකටයුතු නීරික්ෂණය කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
ව්‍යාපෘතිය 2018 දෙසැම්බර් මාසයේ අවසන් වීමට තිබුණ ද 2018 ජනවාරී මාසයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මංතීරු 4ම එක වර සාදා නිමකිරීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබුණ ද තව නොබෝ දිනකින් එම තත්ත්වය පහව යන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
රටේ පවතින මාර්ග තදබදය අද වන විට විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් එයට විසඳුම් රැසක් යෝජනා කර ඇති බව ද පැවසු අගමැතිවරයා කොළඹ පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙස කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා තවත් මාර්ගයක් සැකසීමේ ව්‍යාපෘතියක් ඇති බවත් එහි අතුරු මාර්ගයක් ලෙස රාජගිරිය මංසන්ධිය හා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.
මාර්ග අවහිරතා ඇති වු වහාම ජනතාව පවතින ආණ්ඩුවට දොස් නැගීම සාමාන්‍ය දෙයක් බවත් එසේ වුවද මාර්ගයන් සැකසීමේ ව්‍යාපෘති නිසි ලෙස ඉදිරියටත් සිදු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.