යළි මව්බිමට ආ රණවිරුවෝ...
July 24, 2024
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යළි මෙරටට පැමිණියහ. එලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන්සහ සෙසුනිලයින් 1099ක් සහ මාණ්ඩලික නිලධාරීන් 14ක ප්‍රමාණයක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා යොදවා තිබුණි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට උපයාදුන් විදෙස් විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 14524කට අධිකය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රාජ්‍යෙය් සාමසාධක මෙහෙයුම් සිදුකරන අතරතුරදී ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය කැරලිකරුවන් විසින් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ඛණ්ඩය ඉලක්ක කරමින් වැඩිදියුණු කළ පුපුරණද්‍රව්‍යය ඇටවුම් පුපුරුවා හැරීම නිසාවෙන් සිය ජීවිතය පුදකළහ.
එසේම යුද්ධ හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සෙසු නිලයින් 29 දෙනෙකු මාලි රාජ්‍යයේ දී තුවාල ලැබූහ.
ඒ අනුව මාලි රාජ්‍යයේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කරමින් සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කල කර්නල් පින්සර වික්‍රමාඅරච්චි විසින් ස්වේච්චා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් දිනේශ් නානායක්කාර වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී සිදුකෙරිණ.