සිරගත වූ ජීවිත...
July 9, 2024
පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති අතර එම යාත්‍රාව ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.
පක්ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සුරක්ෂා නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී එම බහුදින යාත්‍රාව තුළ තිබී දුර්ලභ ඝණයේ පිඹුරන් 13 දෙනෙක්, ගිරවුන්, ඉබ්බන්, තලගොයි ඇතුළු පක්ෂීන් සහ උරගයින් සොයාගෙන ඇති බව සඳහන්ය.