වර්ජනයෙන් පසු...

වර්ජනයෙන් පසු...

June 11, 2024  

Bookmark and Share
දුම්රිය එංජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය ඊයේ (10) අවසන් කෙරුණි.

බඳවාගැනීම් ක්‍රියාපටිපාටියේ පවතින ගැටලු මුල්කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ධාවනාගාර දෙකක් ආශ්‍රිතව එම වර්ජනය ආරම්භ කර තිබිණි.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වූ අතර මගීන්ට දැඩි පීඩාවක් සිදුවුණි.

දුම්රිය ධාවනය අද යථාතත්ත්වයට පත්ව තිබූ අතර, උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති තත්ත්වය ඉහත ඡායාරූපවලින් දැක්වේ.