
ඉකුත් ජනපතිවරණයේදී ආණමඩුවේ එක්සත් ජාතික පාක්ෂිකයකුට මරණ තර්ජන එල්ල කළ බවට හා ආඬිගම, ගරායක්ගම එජාප කාර්යාලයකට හානි කළ බවට සැකපිට වයඹ පළාත් සභාවේ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ඇමතිවරයා අද ආණමඩුව පොලීසියට බාරවූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


















































