කුඩු කිලෝ 36 මහ මොළකරුවන් දැලේ

කුඩු කිලෝ 36 මහ මොළකරුවන් දැලේ

March 19, 2014   03:16 pm

යකඩ ද්‍රව්‍ය ලෙස පවසා ගෙන්වන ලද කන්ටේනරයක තිබී පසුගිය 06 වැනිදා සොයාගත් හෙරොයින් කිලෝ 36 සිද්ධියට සම්බන්ධ පකිස්ථානු ජාතිකයා සහ මෙරට ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ පකිස්ථානු ජාතික සැකකරු ඊයේ මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට සම්බන්ධ මොහොමඩ් අලි සබ්‍රි නැමැති මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද (19) කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔරුගොඩවත්ත ‍රේගු අංගණයේ, කන්ටේනරයක ලී පෙට්ටි දෙකක බෝල්ට් ඇණ ඇතුළේ සූක්ෂම ලෙස අසුරා තිබූ කුඩු කිලෝ ග්‍රෑම් 36ක් රේගු නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

එම හෙරොයින් තොගය පකිස්ථානයෙන් ගෙන්වා ඇති බවත්, මෙරට සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ නමට එය ගෙන්වා ඇති බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය විණ‍.

ඒ අනූව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.