කුඹුරු දෙපැත්තේ හා වගා බිමේ පළිබෝධ නාශක ප්‍රචාරණය බෑ
January 17, 2013 05:12 pm
කුඹුරු මග දෙපස හා වගා බිම් තුළ පළිබෝධ නාශක ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති බව කෘෂි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
වකුගඩු රෝගය සඳහා කෘෂි රසායන භාවිතයෙන් සිදුවන බලපෑම් පිළිබඳ විද්වතුන් හා විෂය භාර අමාත්‍යවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව කෘෂි කර්මාන්තයේදී රසායනික යෙදවුම් අවමකර ගැනීම හා එමගින් පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමට අපේක්ෂා කෙරුණු බව අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව 2013 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි පළිබෝධ නාශක පිළිබඳ ප්රචාරක දැන්වීම් ගස්,ගල්,විදුලි කණු හෝ කුඹුරුවල ප්‍රදර්ශනය කිරීමද, මග දෙපස එවැනි ප්රචාරක පුවරු සවිකිරීමද සපුරා තහනම්ය.
එබැවින් එවැනි නීති විරෝධී ප්රචාරක කටයුතු සිදුකරන සමාගම්වලට පළිබෝධ නාශක ආනයනය කිරීමට දී ඇති බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
රටේ යම් ස්ථානයක ඉහතින් සඳහන් කළ ආකාරයට පළිබෝධ නාශක ප්‍රචාරණය සිදුවන්නේනම් ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පිහිටි පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලයේ අංක 081-2388135 හෝ 081-2388076 යන අංකවලට දැනුම්දෙන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේ දැනුම්දීමෙන් පසු කාරණා තහවුරු වුවහොත් ඒ සඳහා නීතිමය පියවර ගැනීමට සූදානම් බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.