දෑත් සේදීමේ වැදගත්කම ලයිෆ්බෝයි පෙන්වාදෙයි

November 1, 2012   09:46 am

ඡා යාරූ - යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා ලෝක දෑත් සේදීමේ දින දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සම්බන්ධ වෙමින්.

ලෝක දෑත් සේදීමේ දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 15 වන දිනට යෙදෙන අතර එය පෞද්ගලික හා රාජ්‍ය ආයතන සමූහයක එකතුවකින් සැදි ලෝක එකමුතුවකි. 2008 වසරේදී ප‍්‍රථම වරට සමරන්නට යෙදුණු මෙම දිනය සබන් යොදා දෑත් සේදීම තුළින් බෝවන රෝග වැළැක්වීමට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ලොව පුරා වෙසෙන ජනතාව දැනුවත් කිරීමට යොදාගනු ලබයි. එමගින් ලෝක වාසී ජනතාව තුළ සබන් යොදා දෑත් සේදීමේ යහපත් පුරුද්ද ඇති කිරීම එහි මූලික අරමුණයි.

සබන් යොදා දෑත් සේදීම බෝවන රෝගවලින් වැළැකීමට ඇති ඉතාමත් ඵලදායී මෙන්ම එකම ලාභදායි ක‍්‍රමයකි. පෙනුමෙන් පිරිසිදු දෑත්වල පවා නොපෙනෙන සේ බොහෝ විෂබීජ තිබිය හැකි අතර ජලයෙන් සේදීමෙන් පමණක් ඒවා ඉවත් කළ නොහැක. දත්ත පෙන්වා දෙන ආකාරයට නියුමෝනියාව හා අතීසාරය වැළඳීමෙන් පමණක් වසරකට ලොව පුරා මියයන ළමුන් සංඛ්‍යාව මිලියන 3.5කට ආසන්න වේ. සබන් යොදා දෑත් සේදීම තුළින් වෙනත් කිසිම එන්නතකින් හෝ වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයකින් බේරාගත හැකි ජීවිත සංඛ්‍යාවටත් වඩා ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට උපකාර වන බව පෙන්වා දී ඇති අතර එමගින් අතීසාරය හේතුවෙන් සිදුවන මරණ හරි අඩකින්ද ශ්වසන පද්ධතියේ ඇති වන රෝග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව හතරෙන් එකකින්ද අඩු කරගැනීමට හැකියි.

ලෝක දෑත් සේදීමේ දිනය සැමරීමේ අරමුණින් 2008 වසරේ සිට මේ දක්වා යුනිලීවර් සමාගම එහි ප‍්‍රමුඛතම විෂ බීජ නාශක සනීපාරක්‍ෂක නිෂ්පාදනය වන ලයිෆ්බෝයි හා එක්ව බොහෝ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් සිටියි. මෙවර ක‍්‍රියාත්මක කළ වැඩසටහන් අතර මාධ්‍ය සමග එක්ව කි‍්‍රයාත්මක කළ දැනුවත් කිරීම් මෙන්ම ග‍්‍රාමීය මට්ටමින් ජනතාව එක්රැස් කොට ඔවුන්ගේ ප‍්‍රදේශ තුළ දෑත් සේදීමේ වැදගත්කම පිළිබඳ කි‍්‍රයාත්මක කළ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා මූලික වී කටයුතු කිරීමද කැපී පෙනෙන්නට විය. එසේම දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩසටහන් සඳහා අන්තර්ජාලයේ ෆේස් බුක් හරහා ජනතාවගේ කැමැත්ත සහතික කිරීමට අවස්ථාව ලබාදීම තුළ ලෝක දෑත් සේදීමේ දිනය සඳහා ලොව පුරා ජනතාවගේ ප‍්‍රතිඥා ලබා ගැනීමට ද ලයිෆ්බෝයි මෙවර කටයුතු කරන ලදී.

ලයිෆ්බෝයි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී සෞම්‍යා පෙරේරා මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ “මෙවර ලයිෆ්බෝයි ලෝක දෑත් සේදීමේ දිනය සමරනු ලැබුවේ පස්වන වතාවටයි. ආහාර ගැනීමට පෙර හා වැසිකිළි යාමෙන් පසුවැනි නිසි අවස්ථාවන් හිදී නිසි පරිදි සබන් යොදා දෑත් සේදීම පුද්ගල සෞඛ්‍ය මෙන්ම පවුලේ සෞඛ්‍ය රැකගැනීම සඳහාද එකසේ උපකාරී වෙනවා. ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සිදුකරන ලද සමීක්‍ෂණ තුළින්ද මෙම කරුණු තහවුරු වී තිබෙනවා. ඒ අනුව සබන් යොදා දෑත් සේදීමේ ඇති වැදගත්කම වඩාත් ස්ථාවර ලෙස ජනතාව වෙත ගෙනයාමට මෙවරත් අප කටයුතු කළා” යන්නයි.

ප‍්‍රමුඛතම විෂ බීජ නාශක වෙළඳනාමය ලෙස ලයිෆ්බෝයි නිතර වැළ‍ෙඳන රෝග 10 කට හේතු වන විෂ බීජවලින් පුද්ගලයින්ට ආරක්‍ෂාව ලබාදෙයි.