ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
August 9, 2026 11:33 am
කිලිනොච්චිය,මුලංකාවිල් ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරීම වෙනුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුලංකාවිල් ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරීමට සැකකරුවන් ව්‍යාජ මුදල් නෝට්ටු ගෙනැවිත් තිබු අතර,පොලීසිය වෙත ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය,මුලංකාවිල් පොලීසිය පැවසීය.
ඊයේ (08) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වුරුදු 26ක් හා 61ක් වයසැති පුනරීන් හා නච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය.
සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
