එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි

එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි

July 24, 2026   10:40 am

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ධ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා ඩිජිටල් EPF පද්ධතිය ආශ්‍රිතව සිදු කෙරෙන මහජන සේවාවන් මෙම දෙදින තුළ ක්‍රියාත්මක නොවන බවය.

ඒ අනුව එම දෙදින තුළ ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුළු මහජන සේවාවන් සිදු නොවන බැවින් එම දිනයන් හී සේවාවන් ලබා ගැනීම සඳහා පෙර වේලාව වෙන් කරගත් සියලු දෙනා හට මාසයක කාලයක් තුළ ඕනෑම කාර්යාල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇති බවද කම්කරු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.