UN ආරක්ෂක මණ්ඩලයේදී ඉන්දියාවෙන් පාකිස්තානයට වාග් ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

UN ආරක්ෂක මණ්ඩලයේදී ඉන්දියාවෙන් පාකිස්තානයට වාග් ප්‍රහාරයක්

July 24, 2026   08:32 am

දේශසීමා හරහා සිදුකරන ත්‍රස්තවාදය පාකිස්තානය විසින් සිය "රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක්" ලෙස භාවිත කරන බවට ඉන්දියාව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එමෙන්ම ජම්මු සහ කාශ්මීරය සැමවිටම ඉන්දියාවේ අනිවාර්ය සහ වෙන් කළ නොහැකි කොටසක් ලෙස පවතින බවද ඉන්දියාව නැවත වරක් අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවැති ඉහළ මට්ටමේ සංවාදයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත, තානාපති පර්වතානේනි හරීෂ් විසින් මෙම අදහස් පළකර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ මෙම උසස් සංවාදය පාකිස්තානය විසින් සිය අසත්‍ය ප්‍රචාර පැතිරවීම සඳහා අවභාවිත කිරීම පිළිබඳව ද ඔහු එහිදී දැඩි ලෙස චෝදනා කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය නියෝජිතයා, ''මෙම සභාව වෙත වෙනත් කරුණු ඉදිරිපත් කිරීම අපගේ අරමුණ වූයේ නැහැ. නමුත් පාකිස්තානය අද දින සාකච්ඡාව තමන්ගේ අසත්‍ය ප්‍රචාර පතුරුවාලීමට අවභාවිත කිරීමට තීරණය කළ බැවින්, ඊට පිළිතුරු දීමට මගේ නියෝජිත පිරිසට සිදුවුණා," යනුවෙන් පැවසීය.