SDIG වරුණ ජයසුන්දරට නව තනතුරක්
July 19, 2026 06:15 pm
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හෙබවූ වරුණ ජයසුන්දර මහතා ළමා හා කාන්තා කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රකාශයක් සටහන්කර ගනු ලැබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු පද්මේ සමග දුරකථන සංවාද පැවැත් වූ බවට පල වූ පුවත්වල සත්‍යතාවක් නොමැති බවය.
ඒ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍යය පාලනයට දැඩි පරිශ්‍රමයක් දැරූ අයෙකි.
