දිට්වා නිසා හානි වූ ගොවීන් 202,025කට වන්දි ගෙවා අවසන්

දිට්වා නිසා හානි වූ ගොවීන් 202,025කට වන්දි ගෙවා අවසන්

July 8, 2026   01:07 pm

'දිට්වා' හේතුවෙන් ගොවීන් 202,025ක ප්‍රමාණයකට රුපියල් මිලියන 12,341.5ක් වගා හානි වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන්නේ,  පසුගිය වසරේ ඇති වූ 'දිට්වා' සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් කෘෂිකාර්මික බිම් සඳහා වගා වන්දි ගෙවා අවසන් කරමින් පවතින බවය.

ඒ යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ගොවීන් 116,278ක පුර්ණ හානියට පත් කුඹුරු අක්කර 148,000ක් වෙනුවෙන් රු. මිලියන 8,888.5ක මුදලක් ගෙවා ඇති බව සඳහන්ය.

බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග වෙනුවෙන් මහවැලි බල ප්‍රදේශ, පළාත් සහ අන්තර් පළාත් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවි මහතුන් 85,747 වෙනුවෙන් රු. මිලියන 3,453ක වන්දි මුදලක් මේ වන විටත් ගෙවා ඇත.

ඒ අනුව දැනට සමස්ත ගොවියන් 202,025ක් සඳහා රු. මිලියන 12,341.5 ක මුදලක් ගෙවා ඇත.

එහිදී, වී වගාව සඳහා හෙක්ටයාරයකට රු.150,000 ක මුදලක් ද, බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රු.200,000 ක් ක මුදලක් ගෙවන ලදී.

නව රජය නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, රටෙහි පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, ගොවි ජනතාව වෙනුවෙන් මෙලෙස විශාල මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇත.