මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් 8කට මරණ දඬුවම
July 8, 2026 12:07 pm
පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය.
මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණි.
1997 වසරේ සැප්තැම්බර් මස 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අයගේ මරණය සිදුකර තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ, මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය.
ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
