ඩෙංගු මරණ 42ක් දක්වා ඉහළට - රෝගීන් 64,000 ළංවෙයි

ඩෙංගු මරණ 42ක් දක්වා ඉහළට - රෝගීන් 64,000 ළංවෙයි

July 8, 2026   10:50 am

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.

එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ, මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 63,835ක් බවය.

ජූලි මාසයට පමණක් රෝගීන් 8,450ක් වාර්තා වී ඇති අතර, ඉදිරි දින කිහිප තුළත් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදුකරන බවද වෛද්‍යවරයා පැවසීය.