ඩීසල් සහ පෙට්‍රල් මිල පහළට

ඩීසල් සහ පෙට්‍රල් මිල පහළට

June 29, 2026   10:02 pm

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැත. 

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් පහතින් දැක්වේ.