සජබයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක් පෞද්ගලික ගැටුමකින් මරුට

සජබයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක් පෞද්ගලික ගැටුමකින් මරුට

June 28, 2026   12:11 pm

වීරකැටියේ දී ඝාතනය වූ තරුණයා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජියෙකු වන අතර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කරමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තරුණයා වයස අවුරුදු 30ක් වූ හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද සඳහන්.

ඊයේ (27) රාත්‍රියේ දී මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයාට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර තිබුණි.

ඝාතනයට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 29ක් වන මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

එමෙන්ම මෙම ආරවුල අතරතුර සැකකරුගේ මවද තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.