
වීරකැටිය, කිංචිගුණේ ප්රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හකුරුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම ආරවුල අතරතුර සැකකරුගේ මවද තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.
අදාළ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 29ක් වන මැදමුලන ප්රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







































