හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - රියදුරු අත්අඩංගුවට
May 3, 2026 10:20 am
හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු ඊයේ (02) අලුයම මිය ගිය බව හැටන් පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්ඔය වත්තේ පදිංචි 65 හැවිරිදි දෙදරු පියෙකි.
ඩයගම සිට හැටන් දක්වා මගීන් 35 දෙනෙකු රැගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථය ප්‍රතිවිරුද්ධ දිශවෙන් ඉදිරියට ආ බස් රථයකට ඉඩ දීමට යෑමෙදි බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල අතර, එම අනතුරින් එම ස්ථානයේම එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, දික්ඔය මුලික රෝහලේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකු පමණ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව හැටන් පොලීසිය පවසයි.
බස් රථ අනතුරින් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රියදුරා (02) දින රෝහලෙන් බැහැර කිරීිිිිිිිිිිමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් හැටන් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ අතර, අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පවසා ඇත්තේ, අනතුරට පත් බස් රථයේ කිසිදු කාර්මික දෝශයක් නොතිබුණ බවත්, රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි.
