ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණුදිග ලෙබනනයේ 13ක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණුදිග ලෙබනනයේ 13ක් මරුට

May 3, 2026   10:16 am

දකුණුදිග ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන්, ළමුන් ඇතුළු 13 දෙනෙකු මියගොස් තිබේ.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද ඇතුළත් වන බවය.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා ඇත.

සටන් විරාමය දීර්ඝ කර තිබියදීත් දිගින් දිගටම හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර දරුණු සටන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.