මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

May 3, 2026   07:03 am

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ කුරුණෑගල නගරය ආසන්නයේදී සිදු වූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

කුරුණෑගල දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක හා දුරකතන රැහැන් කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරු කුරුණෑගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම හලාවත කුරුණෑගල මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

හලාවත දෙස සිට වාරියපොල දෙසට ධාවන වූ මගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදික ගැටීමෙන් බස් රථය පාලන කර ගැනීමට නොහැකිව තවත් යතුරුපැදික හා ලොරි රථයක ගැටී මාර්ගය අයිනේ රැඳී සිටි පදිකයෙකුගේද ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා හෙට්ටිපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.