බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයෙන් කිරින්දේ අස්සජී හිමිට උපහාර සම්මානයක්
April 6, 2026 04:21 pm
ගෝලීය අධ්‍යාපනය , අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් "ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය" පිරිනමනු ලැබීය.
ගෙවුණු අප්‍රේල් 1වන දින එක්සත් රාජධානියේ කැන්ටබරි විශ්වවිද්‍යාල සනාතන පරීශ්‍රයේදී මෙම සම්මාන ප්රදානෝත්සවය පවත්වා තිබේ.
දශක ගණනාවක් පුරා උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ද ආගමික නායකත්වය, දේශීය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපනය ,අන්තර් ආගමික සහජීවනය, සංහිදියාව, ප්‍රජා අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ සේවාව මෙහිදී ඇගයීමට ලක් වී තිබේ.
ආචාර්ය අස්සජි හිමියන් තම දේශනය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ "මෙම ගෞරවය මට පමණක් හිමි වූවක් නොවේ. එය මෙම ගමන් මගෙහි කොටස්කරුවන් වූ සෑම පුද්ගලයෙකුටම අයිති වන්නකි."
මේ අතර, බෙදී ගිය වර්තමාන ලෝකය තුළ බෞද්ධ ඉගැන්වීම්වල ඇති අදාළත්වය අවධාරණය කළ උන්වහන්සේ, “සැබෑ සාමය ආරම්භ වන්නේ අප තුළින් බවත් සිතේ සාමය ඇති වූ විට ලෝකයේ සාමය ඇති වේ” යැයි පැවසූහ.
