
පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් අපවත් වී තිබේ.
ඊයේ (26) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමකි.
සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


















































