යුරෝපයේ දැවැන්තම ශ්‍රී ලාංකේය කලඑළි මංගල්‍යය
March 26, 2026 02:14 pm
බ්‍රිතාන්‍යයේ වෙසෙන අපේ දරු පරපුර අතර හෙළ නර්තන උරුමය සුරැකීමේ උදාර අරමුණින්, ප්‍රවීණ නර්තන ශිල්පී නුවන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සහ Ceylon Cultural Hub UK ශාඛා හතරක සාමූහික දායකත්වයෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී "කලඑළි මංගල්‍යය" අභිමානයෙන් යුතුව මාර්තු 28 වෙනදා පැවැත්වීමට නියමිතය.
යුරෝපයේ මෙතෙක් පැවැත්වෙන විශාලතම කලඑළි මංගල්‍යය ලෙස ඉතිහාසයට එක්වන මෙය, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ඒ අනුව හිස වෙස් පැලඳවීමේ මංගල්‍යය Milton Keynes, Peace Pagoda විහාරස්ථානයේදී මාර්තු මස 28 වෙනිදා උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.
මෙම මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා සහභාගී වන අතර, යුරෝපය හා ලොව පුරා විසිරී සිටින ප්‍රවීණ ශිල්පීන් රැසක් එක්වීමට නියමිතය.
