විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි
January 9, 2026 06:36 pm
අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ.
අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.
තම තීන්දුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවය.
එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.
